සත්‍යයේ පුවත් අඩහැරය….

ලන්ච් ෂීට් හා සිලි බෑග් තහනම පාරිභෝගිකයන්ට පීඩාවක්, විකල්ප අවශ්‍යයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

වගකිව යුතු රජයක් ලෙස පාරිභෝගික ජනතාව පීඩාවට පත්නොවන අකාරයට ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කළයුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙරට තුළ බත් ඔතන කොළ (lunch Sheet) සහ සිලි බෑග් (shopping bag) භාවිතය තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද (12) දින නිවේදනය කර ඇති අතර නිසි විකල්පයක් හදුන්වා නොදී මෙවැනි නීති පැනවීම තුළින් පාරභෝගික ජනතාව දැඩි අසාධාරණයකට ලක්වන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් සදහන් කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන්ය.

බත් ඔතන කොළ (lunch Sheet), සිලි බෑග් (shopping bag) සහ රෙජිෆෝර්ම් නිෂ්පාදන භාවිතය පරිසර හිතකාමී නොවන බව තම සංවිධානය අවිවාදයෙන්ම පිළිගනු ලබන නමුත් මෙරට සෑම පාරිභෝගිකයෙකුටම සිය දෛනික ආහාර වේල් රැගෙන ඒම සදහා කෙසෙල් කොළ හෝ නෙළුම් කොළ වැනි විකල්ප ද්‍රව්‍යයන් භාවිතා කිරීම ඉතා අපහසු මෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි කටයුත්තක් වන බැවින් ඒ පිළිබදව ද අවධානය යොමු කර මෙවැනි නීති හදුන්වා දීමට රජය සහ බලධාරීන් කටයුතු කළ යුතු අතර මේ වන විටත් මෙරට තුළ නිපදවනු ලබන පරිසර හිතකාමී බත් ඔතන කොළ (lunch Sheet) සහ සිලි බෑග් (shopping bag) නිෂ්පාදන නගාසිටුවීම සදහා රජය සිය මැදිහත්වීම ලබා දීමද ඉතා වැදගත් කාර්යයක් බව ද මෙම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට