සත්‍යයේ පුවත් අඩහැරය….

බුද්ධ ශාසනයට සහ මහනායක හිමිවරුන්ට නිග්‍රහ කර ආණ්ඩුවේ පාංශුකූලය දෙන තත්ත්වයට පත්කර ගන්න එපා, බොදු බල සේනා සංවිධානය ආණ්ඩුවට අවධාරණය කරයි..

බුද්ධ ශාසනයට සහ මහනායක ස්වාමීන්වහන්සේලාට නිග්‍රහ කර ආණ්ඩුවේ පාංශුකූලය දෙන තත්ත්වයට පත්කර නොගන්නා ලෙස වත්මන් ආණ්ඩුවට අවධාරණය කර සිටින බව බොදු බල සේනා සංවිධානය පවසා සිටියි. අද (12) රාජගිරියේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ආචාර්ය දිලන්ත විතානගේ මහතා විසින් මෙම අදහස් පළ කරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කර සිටියේ මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර අවුල් ජාලාවක් බවට පත්කළ ආකාරයට රංගිරි දඹුළු විහාරස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුව අවුල්ජාලාවක් බවට පත්නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම අවස්ථාවට සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසා සිටින ලද්දේ බුද්ධ ශාසනයට මෙන්ම සංඝයාවහන්සේලාට නිග්‍රහ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට බන්ධනාගාරගතව සිටින හීනටියන සමිත යන චීවරධාරියා උසි ගැන්වීම සදහා වත්මන් ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් සිටින බවයි.

හීනටියන සමිත යන චීවරධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වන සත්‍ය කරුණු බොදු බල සේනා සංවිධානය විසින් රටට හෙළිදරව් කිරීමට කටයුතු කරන ලද බවත් වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් විසින් මෙම පුද්ගලයාව බේරා ගැනීමට දරුණු ලබන උත්සාහය දෙස අවධානය යොමු කිරීමේදී ආණ්ඩුවේ සිටින සමනළයින් හට කුඩා දරුවන් සපයන ලද්දේ මෙම පුද්ගලයා විසින්දැයි සැක මතු වන බව ද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මතභේදයකට තුඩු දී සිටින රංගිරි දඹුළු විහාරස්ථානයේ ලෙන් විහාර වසා දැමූ විට එහි බුද්ධ පූජාව පවත්වන්නේ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින්දැයි විමසා සිටින බවත් උද්ගතව ඇති මෙම අර්බුදකාරී තත්ත්වයට එරෙහිව නිකාය භේදයකින් තොරව මහ නායක හිමිවරුන් සමග එක්ව බොදු බල සේනා සංවිධානය කටයුතු කරන බව ද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සිය අදහස් දක්වමින් තවදුරටත් අවධාරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට