බංගලාදේශ ශ්‍රී ලංකා රාජ්‍ය නායක හමුව අද..
තෙදින නිල සංචාරයක් සදහා ඊයේ (13) බංලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ ඩකා නුවරදී බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් තම රටට ඕනෑම අවස්ථාවක සහාය ලබා දිය හැකි බව බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ. බංගලාදේශ ශ්‍රී ලංකා රාජ්‍ය නායක හමුව අද (14) දිනය තුළ පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී අවබෝධතා ගිවිසුම් රැසකට ද එළඹීමට නියමිතව ඇත.