“එට්කා නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය ජනගත වෙයි..
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ එක්ව රචනා කරන ලද “එට්කා නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය ජූලි 19 වන බදාදා දින ජනගත කිරීමට නියමිතව ඇත. කෘතිය එළි දැක්වීමේ උත්සවය 19 වනදා සවස කොළඹ 07, නිදහස් මාවත, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සදහන් කර සිටියි.
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ විසින් රචිත “එට්කා නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ප්‍රකාශනයක් වන අතර එළි දැක්වීමේ උත්සව අවස්ථාව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අාචාර්ය ගුණදාස අමරසේකර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ආර්ථික විද්‍යා අංශාධිපති මහාචාර්ය සුමනසිරි ලියනගේ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් විසින් මෙහිදී දේශන පවත්වනු ඇත.