සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංවිධානය පිහිටුවයි…

ඔලිම්පික් තරග සඳහා 1948 වසරෙන් පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96ක් සහභාගිවූ අතර එයින් මේ වන විට 68 දෙනෙකු ජීවත්ව සිටින බවත් එම පිරිසෙන් 18 දෙනෙකු විදෙස් ගතව ඇති බවත් සදහන්වේ. ඒ අනුව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් වෙනුවෙන් ඊයේ (15) දින ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් නමින් සංවිධානයක් පිහිටුවනු ලැබීය. එම සංවිධානයේ උපදේශකවරිය ලෙස සුසන්තිකා ජයසිංහ ද, සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශ ද, දමයන්ති දර්ශා ලේකම් ලෙසද, අනුරුද්ධ රත්නායක භාණ්ඩාගාරික ලෙසද, සුගත් තිලකරත්න උප සභාපති ලෙසද පත්වී ඇත. මෙවර ඔලිම්පික් තරගයට සහභාගිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ලබන (24) දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිත බව එහිදී සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට