යාපනයේ වෙඩි තැබීම, ප්‍රධාන සැකකරු භාර වෙයි..
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් යාපනය, නල්ලුර් ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (25) උදෑසන යාපනය පොලීසියට භාර වී ඇති බව වාර්තා වේ. අදාළ පුද්ගලයා පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ. පසුගිය 22 වන දා සිදුවු මෙම වෙඩි තැබීම නිසා මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරීයෙකු තුවාල ලැබීය.