කරදියනාරු සන්සුන්..
වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් මත උණුසුම් වූ කරදියනාරු ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට සම්පූර්ණයෙන් තහවුරු කිරීමට කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (24) පස්වරුවේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් පිරිසකට ප්‍රහාරයක් එල්ල වූ අතර මෙහිදී වැලි ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අසල තිබූ කලපුවට පැනීම නිසා දියේ ගිලී මියගොස් ඇති අතර ඉන් පසුව ප්‍රදේශය තුළ දැඩි උණූසුම්කාරී තත්ත්වයක් ඇති විය.