සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය දේපළ නොවිකුණන බවට පොරොන්දු ලබාදී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම පොරොන්දුව කඩකරමින් සිටිනවා – සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය

හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ආණ්ඩුවේ උත්සාහය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එ් සම්බන්ධව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වමින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපි සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් හෙට (26) කොළඹ වරාය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අනතුරු අගවා සිටියි. ඊයේ (24) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහබදුගේ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම විරෝධතාවයෙන් පසු ද බලධාරීන් යම් ප්‍රතිචාරයක් නොදක්වුවහොත් ලබන 27 වනදා වර්ජන ක්‍රියාමාර්ගයක් කරා යොමු වන බවයි. රාජ්‍ය දේපළ විකිණීම සිදු නොකරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම පොරොන්දුව කඩකරමින් රාජ්‍ය සම්පත් විදේශයන්ට විකුණා දමමින් සිටින බවත් සයිටම් අර්බුදයේදී ද ආණ්ඩුව ජනතාවගේ පාර්ශවයේ නොසිට සයිටම් මුදලාලිලාගේ පාර්ශවයේ සිට කටයුතු කරන බව ද චන්ද්‍රසිරි මහබදුගේ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ නියෝජ්‍ය ලේකම් ජී.නිරෝෂන් සහ සාමාජික කිංස්ලි ජයන්ත යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට