සත්‍යයේ පුවත් අඩහැරය….

“එට්කා- නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය ජනගත වෙයි..

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ප්‍රකාශයක් වන “එට්කා- නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” නැමැති කෘතිය පසුගිය 19 වන දා කොළඹ, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛනාගාර සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදක්වන ලදී. මෙම කෘතිය තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා සහ ලේකම් ලසන්ත වික්‍රමසිංහ විසින් රචනා කර ඇති අතර කෘතිය එළිදැක්වීමේ අවස්තාවට සහභාගි වූ ආචාර්ය ගුණදාස අමරසේකර, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳූ කුමාරතුංග යන විද්වතුන්ගේ විශේෂ ඇගයීමට ද මෙම කෘතිය ලක්විය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෙද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා, මෙම උත්සව අවස්ථාවේ මුලසුන හෙබවූ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති යන හිමිවරුන් ඇතුළු විශාල පරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට