සත්‍යයේ පුවත් අඩහැරය….

නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කළොත් එහි හානිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය දැනුවත් කරනවා – ජාතික ඒකාබද්ධතා කමිටුව

නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඉන් සිදුවන හානිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ජාත්‍යන්තරයද දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව ජාතික ඒකාබද්ධතා කමිටුව අවධාරණය කර සිටියි. ඊයේ (24) කොළඹ, තුම්මුල්ල ශ්‍රී සමුබද්ධත්ව ජයන්ති මන්දිරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී ජාතික ඒකාබද්ධතා කමිටු සාමාජික, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

රටට එරෙහිව ගෙනෙනු ලබන අහිතකර යෝජනා සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම විපක්ෂයේ ප්‍රධානතම කාර්යයක් වුවුද අද වන විට විපක්ෂයේ භූමිකාව දියත් කිරීමට සිදුව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බවද මනෝහර ද සිල්වා මහතා වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් පවසා සිටින ලදී.

යාපනය ඇතුළු උතුරු, නැගෙනහිර පළාත් තුළ ආරක්ෂාව දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති බව, පසුගියදා නල්ලූර් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය තුළින් මනාව ගම්‍ය වන බවත් මේ ආකාරයට ආයුධ සන්නද්ධ පිරිස් ගැවසෙන පෙදෙස් වලට පොලිස් බලතල පැවරුවහොත් කුමක් සිදුවේද යන්න දැඩි අවධානයකට යොමු කළයුත්තක් බවද ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග, ජාතික ඒකාබද්ධතා කමිටු සාමාජිකයින් වන වෛද්‍ය අනුලා ජයසුන්දර සහ විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට