සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය සාගල රත්නායක සමග පැවති සාකච්ඡාවකින් පසුව වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසු තම සංගමය විසින් දියත් කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා නීති විරෝධී ආකාරයට පැහැර ගැනීම, අද වින විට උද්ගතව ඇති ශිෂ්‍ය මර්දනය, නිශ්චිත චෝදනා ගොනු නොකර ශිෂ්‍යයින් දිගින් දිගටම බන්ධනාගාරගත කිරීම යන කරුණු මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධෘරීන්ගේ සංගමය විසින් අද (25) උදෑසන 08.00 සිට පැය 24 ක සංකේත වර්ජනයක් දියත් කිරීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් ඉහත සාකච්ඡාවේදී අදාළ කරුණු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සාගල රත්නායක මහතා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය තුළ විසදුම් ලබා දීමට එතුමා පොරොන්දු වූ අතර ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මෙම එකගතාවයන් අනුව කටයුතු කිරීමට පොලිසිය ඇතුළු අනෙකුත් පාර්ශව සිය සහාය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට