ඒකාබද්ධ සාමාජිකයින් අද හදිසියේ රැස්වෙයි..
අත්‍යාවශ්‍ය කරුණක් සම්බන්ධව, ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින් අද (27) හදිසි සාකච්ඡාවක් සදහා කැදවා ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැදවා ඇති මෙම සාකච්ඡාව අද පස්වරුවේදී බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂ කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.