සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනයේ විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදාහැරලා..? රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් ගන්නැයි අධිකරණයෙන් නියෝග..

මෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගන්නැයි අධිකරණය විසින් නියෝගයක් ලබා දී ඇති බව වාර්තා වේ. කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය ලබා දී ඇත. විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මහලිංගම් ශෂි කුමාර් නොහොත් ස්විස් කුමාර් නැමැත්තා ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බැද සිටියදී ඔහු පොලීසියට බාර නොදී රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මිය විසින් මුදාහැරීම සම්බන්ධයෙන් අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට