රවී හෙට ජනාධිපති බැඳුම්කර කොමිසමට..
හිටපු මුදල් අමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට (02) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වේ. බැදුම්කර ගනුදෙනුවට අදාළව ප්‍රකාශක් ලබා ගැනීම සදහා හෙට උදෑසන 10.00 ට අමාත්‍යවරයා කොමිසම හමුවට කැදවා අැති අතර මීට පෙර අවද්ථා දෙකකදීම අමාත්‍ය රවී කරුණානායක මහතා කොමිසම හමුවට කැඳවා තිබුණ ද කාර්යබහුල වීම නිසා අමාත්‍යවරයාට කොමිසමට පැමිණීමට නොහැකි බව ඔහුගේ නීතිඥවරුන් විසින් කොමිසමට දැනුම් දෙන ලදී.