ජාතික විරෝධතා දිනය හෙටයි, සයිටම් විරෝධී ජනපවුරෙන් විරෝධතා රැසක්..
හෙට (02) දහවල් දිවයිනේ සියළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම අැතුළු විවිධ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව “සයිටම් විරෝධී ජනපවුර” සංවිධානයට සහාය පළ කරන වෘත්තීය සමිති විසින් තීරණය කර තිබේ. “සයිටම් විරෝධී ජනපවුර” සංවිධානය විසින් හෙට දිනය ජාතික විරෝධතා දිනය ලෙස නම් කර ඇති අතර හෙට දහවල් කෑම පැය තුළ විරෝධතා හා උද්ඝෝෂණ, අත් පත්‍රිකා බෙදා දීම, පෝස්‌ටර්, කළු පටි පැළැඳීම මෙන්ම කළු කොඩි ප්‍රදර්ශනය කිරීම ආදි කටයුතු රැසක් සිදුකිරීමට නියමිතව අැති බව වාර්තා වේ.