පළමු දිනය නිමා වන විට ඉන්දියාව කඩුළු 06 කට ලකුණු 329 යි..
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ඊයේ (12) පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 329 ක් ලබා සිටින ලදී. මලින්ද පුෂ්පකුමාර ලකුණු 40 කට කඩුළු 03 ක් ද ලක්ෂාන් සඳකැන් ලකුණු 84 කට කඩුළු 02 ක් දවා ගන්නා ලද අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අාරම්භක පිතිකරු ශිකර් ධවාන් ලකුණු 119 ක් සහ කේ.එල් රාහුල් ලකුණු 85 ක් ද ලබා ගන්නා ලදී. අද (13) තරගයේ දෙවන දිනයයි.