සත්‍යයේ පුවත් අඩහැරය….

පසුගිය අාණ්ඩු මෙන් වත්මන් අාණ්ඩුව ද උපධිධාරීන්ගේ ගැටළු විසදීම මගහැර, බලය රැක ගැනීමට පමණක් කටයුතු කරමින් සිටිනවා – සංවර්ධන නිලධාරී සේවා සංගමය

පසුගිය අාණ්ඩු මෙන්ම වත්මන් අාණ්ඩුව ද උපධිධාරීන්ගේ ගැටළු විසදීම මගහැර, සිය බලය රැක ගැනීම සදහා පමණක් කටයුතු කරමින් සිටින බව සංවර්ධන නිලධාරී සේවා සංගමය චෝදනා කර සිටියි. ඊයේ (13) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියඅාරච්චි මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් චන්දන සූරියඅාරච්චි මහතා අවධාරණය කරන ලද්දේ නිසි වැටුප් තල හිමි නොවීම, නිසි උසස් වීම් පටිපාටියක් ක්‍රියාත්මක නොවීම, සුදුසු රාජකාරි නොපැවරීම සහ වැටුප් විෂමතා යන රැකියාලාභී උපාධීධාරීන් මුහුණ දී අැති ගැටළු වලට විසදුම් ලබා ගැනීම සදහා හෙට (15) දින දහවල් කොළඹ 07, ස්වදේශ කටයුතු සහ පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවයි.

අදාළ විරෝධතාවයෙන් පසුව ද මෙම ගැටළු සදහා නිසි විසදුම් ලබා දීමට අාණ්ඩුව අවධානය යොමු නොකළහොත් සමස්ත රැකියාලාභී උපාධීධාරීන් ඒකරාශී කරගනිමින් ඉදිරියේදී දැවැන්ත වර්ජනයක් පැවැත්වීමට කටයුතු කරන බව ද චන්දන සූරියඅාරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට