සත්‍යයේ පුවත් අඩහැරය….

ඒ හොරාත්, මේ හොරාත් හැර තවත් හොරු සිටිත්ද? ජාතික භික්ෂු පෙරමුණෙන් අාණ්ඩුවට පැනයක්..

අමාත්‍යවරයෙකු හට යම් දූෂණ චෝදනාවක් එල්ල වූ විට තම ධුරයෙන් ඉල්ලා අස්වී අදාළ පරික්‍ෂණවලට ස්වාධීනව සිදුකරගෙන යාම සදහා අවස්ථාව ලබා දීම මහත්මා දේශපාලනය වුවද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම තුළින් ඒ අකාරයට මහත්මා දේශපාලනය පෙන්වා දී නොමැති බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික භික්ෂු පෙරමුණ මේ බව පවසා සිටින අතර ජනතාවාදී දේශපාලන පක්ෂ හා ජනතාව, මාධ්‍යය, කෝප් කමිටුව, දූෂණ විරෝධී හඬ, වෘත්තීය සමිති සහ ජාතික භික්‍ෂු පෙරමුණ වැනි කණ්ඩායම් වලින් සිදුකරන ලද බලපෑමේ ප‍්‍රතිඵලයක් ලෙස රවී කරුණානායක මහතා ඉල්ලා අස්වූවා මිස මහත්මා දේශපාලනයක් නොපෙනෙන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය. අාණ්ඩුවෙන් විමසීමට සිදුව අැත්තේ ඒ හොරාත්, මේ හොරාත් හැර තවත් හොරු සිටිත්ද? කියා බවත් ආණ්ඩුව යහපාලන නම්, පාලකයින් යහපාලකයින් නම් තව දුරටත් හොරු රකින්නේද, නැද්ද? යන්න, “උතුම් මාතෘ භූමිය” ගැන කියවන ජනාධිපතිතුමා හා “ලිච්ඡවි පාලනයක්” ගැන කියවන අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටින බවද මෙම නිවේදනය තුළින් ජාතික භික්ෂු පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට