නව නාවික හමුදාපති වැඩ අරඹයි..
වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (22) උදෑසන නව නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාරගන්නා ලදී. මෙරට 21 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු ඒ මහතා අද උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ වැඩ භාර ගෙන තිබේ. හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද අද උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතව තිබුනි.