අදත් වැසි..?
ඉදිරි පැය 24 තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට ඉහළ වර්ෂාපතනයක් අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලට මිලි මීටර් 50 කට වැඩි වර්ෂාපතනයක් අැතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. අද දින සවස් කාලයේදී ඌව, මධ්‍යම පළාත් වලට සහ අම්පාර හා මඩකලපුව යන දිස්ත‍්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නික්තු කරමින් අනාවරණය කර සිටියි.