සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩිවීමක්

 alt=ඉදිරි දින කිහිපයේ දි දිවයිනේ නිරිත දිගකොටසේ වැසි තත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.ඒ අනුව සැප්තැම්බර් 25 සහ 26 දින වලදී මෙම තත්ත්වය ඇති වනු ඇති බව සදහන් කරන එම දෙපාර්තමේන්තුව, ඉදිරි දින කිහිපයේ දි දිවයින හරහා සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක තද සුළං තත්ත්වයක්බ ලාපොරොත්තු වන අතර අද දිනයේදී මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පොතුවිල් ප්‍රදේශයේත් විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව සදහන් කර ඇත.තව ද සබරගමුව සහ මධ්‍යම පළාත් වලත්, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි ඇති විය හැකි අතර බදුල්ල, මඩකළපුව,පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.මෙම තත්ත්වය මත අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට