ආනයනික ලොකු ළූණු බද්ද 100% කින් ඉහළට..
ආනයනික ලොකු ළූණු සඳහා වන බද්ද 100% කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය විසින් තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ඊයේ (25) සිට මෙම තීරණය ක්‍රියාත්මක වන අතර දේශීය ලොකු ළූණු ගොවීන් සිය අස්වැනු අලෙවිකරගැනීමේදී මුහුණ දී තිබෙන ගැටළු විසදීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.