සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය ෆොන්සේකාගේ ප්‍රකාශ හමුවේ කොටි ඩයස්පෝරාවට නව පණක් ලැබිලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

 alt=හිටපු යුදහමුදාපති, වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකර ඇති ඇතැම් ප්‍රකාශ හමුවේ කොටි ඩයස්පෝරාවට නව පණක් ලැබී ඇති බවත් අදාළ ප්‍රකාශ හමුවේ ශ්‍රී ලංකාවට දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. අද (25) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

මෙහිදී සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් පවසා සිටියේ මෙරට අධිකරණ පද්ධතිය දැඩි දූෂිත තත්ත්වයකට පත්ව ඇති බව පවසා සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැනි පුද්ගලයින් මෙවර පැවති 72 වන එක්සත් ජාතීන්ගේ සැසිවාරයට ජනාධිපතිවරයා සමග සහභාගි වීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව, විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත ඔසවමින් මැතිවරණය කල්දැමීම සදහා සිය සහය ලබාදුන් අනුර ප්‍රියදර්ශ යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් වෙත දැඩි විරෝධය පළ කරන බවද අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට