ඉදිරි දින කිහිපය තුළ වැසි..
ඉදිරි දින කිහිපය තුළ අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින පුරා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බැවින් මෙවැනි කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.