දෙදින නිල සංචාරයක් සදහා මහින්ද රාජපක්ෂ ඉන්දියාවට…
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සාමාජීය හා සංස්කෘතික සබඳතා පිළිබඳ ජාත්‍යාන්තර බෞද්ධ සම්මේලනයේ වැඩ සටහනකට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) දින ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. දින දෙකක් ඉන්දියාවේ සංචාරය කරන අතර ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ ඓතිහාසික ආරුංගාබාත් නගරයේ පැවැත්වෙන මෙම වැඩ සටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහින්ද රාජපක්ෂ නම් කර ඇත. හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ යන මහත්වරු මෙම සංචාරයට සහභාගී වී ඇත.