සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජරට මහා රැලිය ලබන 12 වැනිදා ..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරන රජරට මහා රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වන දින පස්‌වරු 2.00 ට අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම රැලිය සඳහා වේදිකාව ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින අතර රැලියට ජනතාව සහභාගි කරවීමට ආසන මට්‌ටමින් රැස්‌වීම් 20 කට ආසන්න සංඛ්‍යාවක්‌ පැවැත්වවීමට කටයුතු කළ බව  හිටපු ප්‍රධාන අමාත්‍ය එස්‌. එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි. ඒකාබද්ධ විපක්‌ෂයට සම්බන්ධ සියලු පක්‌ෂ නායකයන් මෙම රැලියට සහභාගිවීමට නියමිත බව ද හෙතෙම සඳහන් කර සිටින අතර මෙම රැලියට සමගාමීව එදින පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, ප්‍රධාන අටමස්‌ථානය, හින්දු කෝවිල හා මුස්‌ලිම් පල්ලියේදී මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික වැඩසටහන් රැසක්‌ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට