සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලන ආණ්ඩුව ස්වයං රැකියා නියුක්තිකයින්ව මර්දනය කරනවා – සුනිල් ජයවර්ධන ..

 alt=වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වු දින සිට ස්වයං රැකියා සිදු කරනු ලබන ජනතාවට රැකියාව සිදු කරගෙන යාමට නොහැකි පරිදි කටයුතු සිදු කරමින් සිටින බවත් එය මෙරට ජනතාවගේ මානව හිමිකම් කප්පාදු කිරිමක් බවට ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය පවසයි. එම සංගමය මේ බව පවසා සිටියේ අද (09) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සංදේශයක් භාර දීමට කටයුතු කළ අවස්ථා වේදීය. එහිදි මෙම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසා සිටියේ යහපාලන ආණ්ඩුව හෝ මැති ඇමතිවරුන් සිදු කරනු ලබන වංචා දුෂණයන් සම්බන්ධව පැමිණිලි කිරීමට කිසිදු
අවශ්‍යතාවයක් නොමැති බවත් අහිංසක ජනතාවට සිය රැකියා කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙද ඉල්ලා අදාළ සංදේශය භාර දිමට කටයුතු කළ බවය. පසුගිය රජය සමයේ දි ස්වයං රැකියා වල නියුතු පුද්ගලයින්ට හැදුනුම්පතක් හා ජැකට්ටුවක් සමඟ මාසිකව රුපියල් 3000 ක මුද්ලක් ලබා දෙමින් එම ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කළ ද වත්මන් ආණ්ඩුව එම කටයුතු සියල්ලම නතර කරමින් අහිංසක ජනතාවගේ ජිවත්විමට රැකියාවක් සිදු කිරිමේ අයිතිය අහිමි කර ඇති බවට හෙතම වැඩිදුරටත් පවසයි. දුප්පත්කම තුරන් කරන බවට පවසා සිටිය ජනාධිපතිවරයා මෙම ගැටඑවට කඩිනමින් මැදිහත් විය යුතු බවද ඒ මහතා මෙම අවස්ථාවේ දී පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට