දුම්රිය පීලි පැනීමකින් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..
පරසන්ගස්වැව සහ මැදවච්චිය අතර දුම්රිය මාර්ගයේදී දුම්රිය පීළි පැනිමක් නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය මූලස්ථානය අනාවරණය කර සිටියි. ඊයේ (14) රාත්‍රී 08.45ට පමණ රජරට රැජින දුම්රිය මෙසේ පීලිපැනීමට ලක්වී ඇති අතර මෙම පීලිපැනීම නිසා අද (15) උදැසන 05.10 ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වීමට නියමිත නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අවලංගු කර ඇති බව ද වාර්තා වේ.