සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකීයභාවය අහෝසි කර ෆෙඩරල් රාජ්‍යයක් බවට රට පත්නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා – “එළිය” සංවිධානය

 alt=ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදු නොවූ බවට ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පවා සනාථ කර තිබියදී එය ජාත්‍යන්තරයට ඉදිරිපත් නොකරන මෙරට බලධාරීන්, ජාත්‍යන්තරය විසින් මෙරටට එල්ල කරන යුද අපරාධ චෝදනා පිළිගැනීම නිසා දැඩි අර්බුදකරී තත්ත්වයක් මේ වන විට රටේ ඇති වී තිබෙන බව හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසා සිටියි.“එළිය” සංවිධානය විසින් ඊයේ (21) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී සරත් වීරසේකර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

තවදුරටත් සිය අදහස් දක්වමින් වීරසේකර මහතා පවසා සිටියේ යුද අපරාද චෝදනා පදනම් කරගනිමින් මෙරට සිටි ප්‍රධාන හමුදා නිලධාරීන් රැසකට විදේශගතවීමට නොහැකි වන ලෙස වීසා ලබා නොදීමට කටයුතු කර ඇති බවයි.

හමුදා නිලධාරින් මුහුණ දී ඇති මෙවැනි ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කණගාටුව පමණක් පළ නොකර ඒවා විසදා දීමට මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ද සරත් වීරසේකර මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් ඇතැම් මැති ඇමතිවරුන් කටයතු කරමින් සිටින බවත් රටේ ඒකීයභාවය අහෝසි කර ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා “එළිය” සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සහ අරුන් තම්බිමුත්තු යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට