රුපියල් කෝටි දෙකක් වටිනා හෙරොයින් තොගයක් හලාවතදී අත්අඩංගුවට..
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා හෙරොයින් තොගයක් හලාවත, කරුප්පන් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය ඊයේ (21) සමත්වී ඇත. මෙම හෙරොයින් තොගය සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ රාත්‍රියේ අදාළ මුහුදු තීරයේදී කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම හොරොයින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන්නට ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ. අදාළ සැකකරු සහ හෙරොයින් තොගය අද (22) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.