උතුරු-නැගෙනහිර ප්‍රදේශ වලට තද සුළං සහ වැසි..
ඉදිරි පැය 12 ක පමණ කාලය තුළ උතුරු-නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං සහ වැසි ඇතිවීමේ ඉඩ ප්‍රස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වන මුහුදු ප්‍රදේශයේ හට ගෙන ඇති පීඩන අවපාතය මීට හේතුව බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.