සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයෙන් අර්බුද රැසක් මතුවෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ වෛද්‍යවරුන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්ට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂධූරය හොබවන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතාගේ ක්‍රියාකලාපය හමුවේ මේ වන විට ත්‍රිකුණාමලය, කින්නියා රෝහලේ දැඩි අර්බුදකාරී තත්ත්වයත් උද්ගතවී ඇති බවයි.

මාරු මණ්ඩලයේ එකගත්වයෙන් පසුගිය දා ප්‍රකාශයට පත්කරන ලද පශ්චාත් සීමාවාසික පත්වීම් ලයිස්තුව අත්තනෝමතික ලෙස වෙනස් කිරීම නිසා මෙම රෝහල තුළ අර්බුදකාරී තත්ත්වයත් උද්ගතවී ඇති බව මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

මෙම තත්ත්වය හමුවේ කින්නියා රෝහල තුළ ඊයේ (12) වෛද්‍ය වර්ජනයක් ද ආරම්භ කර ඇති අතර එම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරි දිනයන්හිදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුරා පවතින රෝහල් තුළද ව්‍යාප්ත කිරීමට සංගමයේ නැගෙනහිර ශාඛාව තීරණය කර ඇති බවත් මෙම වර්ජන හමුවේ අසරණ වන රෝගී ජනතාව සම්බන්ධයෙන් වන වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින් භාරගතයුතුව ඇති බව ද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට