සත්‍යයේ පුවත් අඩහැරය….

නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කළ නවක හෙදියන් දැඩි අසාධාරණයකට ලක්වෙලා – සමස්ත ලංකා හෙද සංගමය

 alt=මෑතකදී නව පත්වීම් ලැබූ හෙද හෙදියන් පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කිරීම නිසා අදාළ පිරිස දැඩි අසාධාරණයකට ලක්ව සිටින බවත් මේ වන විට එම පිරිස එළිමහන් සිරකදවුරක සිරකරුවන් පිරිසක් බවට පත්ව ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. අද (29) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා විසිනි.

වසර තුනක පුහුණුවෙන් පසු හෙදියන් විසින් ලබාගන්නා ලකුණු මට්ටම අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සකසා ඒ අනුව රෝහල් වලට අනුයුක්ත කිරීම සිදුකළද මෙම රෝහල් ලේඛණයේ පවා සදහන් නොවූ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට හෙදියන් පිරිසක් අනුයුක්ත කර ඇති බවත් හෙද පරිපාලනය සම්බන්ධයෙන් දැනුම ඇති කිසිදු බලධාරියෙකු මෙන්ම හෙදියන්ට අවශ්‍ය පොදු පහසුකම් කිසිවක් ද රෝහල තුළ නොමැති බැවින් අදාළ හෙද පිරිස මේ වන විට දැඩි අසාධාරණයකට ලක්ව දිටින බව එස්.බී මැදිවත්ත මහතා තවදුරටත් අනාවරණය කරන ලදී.

සිය අදහස් දක්වමින් මැදිවත්ත මහතා වැඩිදුරටක් පවසා සිටියේ මේ වන විට පත්වීම් ලැබූ අනෙකුත් හෙද පිරිස දෙසැම්බර් මස වැටුප පවා ලබාගෙන ඇති නමුත් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත පත්වීම් ලැබූ පිරිසට මෙතක් අදාළ වැටුප ලැබී නොමැති අතර එම පිරිසගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට කිසිදු වගකිවයුත්තෙක් නොමැති බවයි.

වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මාලඹේ “සයිටම්” පුද්ගලික විද්‍යාලය වෙනුවෙන් පෙනි සිටින හෙද වෘත්තීය සංගම් මෙම අසාධාරණයට වගකිවයුතු බවත් මෙම ගැටළුවට වහාම විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව ද මැදිවත්ත මහතා සිය කරුණු දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට