ගැටළු විසදා නෑ, අද හෙටම තැපෑල වර්ජනයකට..
තම වෘත්තීය ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බැවින් නුදුරේදීම අණඛණ්ඩ වැඩවර්ජනයක් කරා යොමු වීමට තීරණය කර ඇති බව තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. සිය ගැටළු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් කිසිදු අවධානයක් යොමු කිරීමට බලධාරීන් උත්සහ නොගත් බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමෙන් පසුව හෝ අදාළ ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත් තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ වැඩිදුරටත් පවසා සිටියි.