ක්‍රිකට් එක්දින නායකයා මැතිව්ස් හෝ චන්දිමාල්..? තීරණය අද..
එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නව නායකයා පත්කිරීම අද (09) සිදුකිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව සිටි නමුත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු සමත්ව ඇති අතර ඔහු හෝ දිනේෂ් චන්දිමාල් නව නායකත්වයට පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.