“සයිටම්” අර්බුදය ගැන කථාකරන්න හිටපු ජනාධිපති සහ ජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අතර විශේෂ හමුවක්..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (17) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන බව රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අනාවරණය කර සිටියි. අද උදෑසනදී කොළඹ, හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බවත් සයිටම් අර්බුදය සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.