ජ’පුර කුලපති ලෙස පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි පත්වෙයි..
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සදහා අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය බෙල්ලන්විල විමලරතන හිමි විසින් දැරූ අතර උන්වහන්සේගේ හදිසි අපවත්වීම නිසා එම පුරප්පාඩු වූ ධූරය සදහා පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පත්කර ඇත.