සත්‍යයේ පුවත් අඩහැරය….

සමාජ මාධ්‍ය ජාලා තහනම් කර ලොවට විහිළු නොසපයා අදාළ තහනම ඉවත් කරන්නැයි ඉල්ලා සිටිනවා – පිවිතුරු හෙළ උරුමය

Podu Jana Peramunaජාතීන් අතර ගැටුම්කාරී තත්ත්වයන් අැතිකිරීම සදහා මුහුණු පොත අැතුළු සමාජ මාධ්‍ය ජාලා යොදා ගන්නා බව පවසමින් එ්වා තහනම් කිරීම ලොවට විහිළු සැපයීමක් බව පිවිතුරු හෙළ උරුමය අවධාරණය කර සිටියි. අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

ඒ මහතා තවදුරටත් පවසා සිටින ලද්දේ මේ අාකාරයට හාස්‍යජනක කටයුතු සිදු නොකර වහාම මුහුණු පොත අැතුළු සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත් කරන්නැයි අාණ්ඩුවට බල කරන බවයි. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතියද අවහිර කරමින් සිදුකර අැති මෙම ක්‍රියාවලියට විරෝධය පළකරමින් රටේ තරුණ තරුණියන් සමඟ වීථි බසින බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට