සත්‍යයේ පුවත් අඩහැරය….

මංගල සභා වාරය කල් යයි, හලාවත නගර සභාව උණූසුම්….

Podu Jana Peramunaඝන පූර්ණය නොමැති නිසා හලාවත නගර සභාවේ මංගල සැසි වාරය කල් දැමීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සී.ඩබ්ලිව්.ජයසිංහ මහතා අද (27) දින කටයුතු කර ඇත. පසුගිය දින පැවති පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 07 ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 06 ක්ද, පොදු ජන පෙරමුණ පක්ෂයෙන් සභිකයින් 06 ක්ද, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් 01 සභිකයෙකුද තේරී පත්විය. ඒ අනුව අද දින පෙව 08.30 ට සභාව රැස්වෙන බවට වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා සියලූම සභිකයින් හට දැනුම් දී තිබුනද එම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 07 දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිලරි ප්‍රසන්න යන මන්ත්‍රිවරයා පමණක් පැමිණ සිටිම හේතුවෙන් එම සභා වාරය කල් දැමීමට සිදුව ඇත. සභා වාරයක් පවත්වා ගෙන යාමට නම් 50% ක් ඉක්මවු ඝන පූර්ණයක් අවශ්‍ය වන අතර පළමු වාරයේදීම සභා වාරය කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරයාට සිදුවී ඇත. එහෙත් පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයින්ට පැමිණිමේදී සිදුවූ ප්‍රමාද දොෂයක් නිසා නියමිත වේලාවට සහභාගී වීමට නොහැකිවූ බව මද වේලාවකට පසු සභාවට පැමිණි පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයකු පවසා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට