සත්‍යයේ පුවත් අඩහැරය….

මිල සූත්‍රයේ මුවාවෙන් ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමේ උත්සාහයක යෙදී සිටිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඉන්දියානු ඔයිල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීම සදහා අවස්ථාව සලසා දුන් වත්මන් ආණ්ඩුව, ඉදිරි දින කිහිපය තුළ ඛනිජ තෙල් සංස්ථාවටද ඉන්ධන මිල වැඩි කිරීම සදහා අනුමැතිය ලබාදෙනු ඇති බවත් මිල සූත්‍රයට මුවාවී ආණ්ඩුව මෙම කටයුතු සිදුකරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ලෝක වෙළදපොළ තුළ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඉතා සීඝ්‍ර ලෙස අඩු වෙමින් පවතින අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව වෙත දැඩි විරෝධය පළකරන බව ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය තවදුරටත් සදහන්කර සිටියි.

එම සංගමයේ සභාපති රංජිත් විතාන මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර බොරතෙල් බැරලයක මිල පහළ යමින් තිබියදී කළයුත්තේ එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීම බවද එහි වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට