සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස..
2017 වසරේ දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) සවස නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. අදාළ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබා ගත හැකි බවත් කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන් වල පාසල්වල එම විභාග ප්‍රතිඵල හෙට (29) උදෑසන කාලයේ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලබා ගත හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.