සත්‍යයේ පුවත් අඩහැරය….

රණවිරුවන්ට ලබාදී තිබූ රණවිරු නාමය වත්මන් පාලකයින් විසින් අහෝසි කර ඇත, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය…

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් වෙත ලබාදී තිබූ රණවිරු නාමය වත්මන් පාලකයින් විසින් අහෝසි කිරීමේ කූඨ උපාය මාර්ගයක යෙදෙමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න අවධාරණය කරයි. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයට අනුබද්ධව පිහිටුවා ගන්නා ලද එ්කීය සංවර්ධිත රටක් උදෙසා රණවිරු ජවය යන මැයෙන් පිහිටුවා ගන්නා ලද සංවිධානයේ පළමු මාධ්‍ය හමුව අමතමින් ඊයේ (31) දින මෙම අදහස් පළ කරන ලදි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කර ඇත්තේ දැනට සේවයේ සිටින සහ විශ්‍රාම ලබා සිටින රණවිරුවන් ඇතුලු විශාල ශ්‍රම ශක්තියක් රට තුළ තිබෙන බැවින් එම පිරිස ඒකරාශී කරගනිමින් රට සංවර්ධනය කිරීමට දායකත්වය ලබා දීමට කටයුතු කරන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති ධූරයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත්ය.

මෙම නව සංවිධානය දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට නියමිත අතර දැනට දිස්ත්‍රික්ක 19 ක් ආවරණය වන පරිදි සංවිධාන පිහිටුවා ඇති බවත් ඉදිරි මාස දෙක ඇතුලත රණවිරු සමුලුවක් ද පැවැත්වීමට කටයුතු කරන බව එහිදි සදහන් කර ඇත. මෙම මාධ්‍ය හමුව සදහා එම සංවිධානයේ මේජර් රංජිත් සමරතුංග, මේජර් ජනරාල් හේරත්, මේජර් ජනරාල් මොහාන්ද සිල්වා යන මහත්වරුන් සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට