ශ්‍රී.ල.නි.ප ය ගොඩනැගීමේ තීරණාත්මක තීන්දු රැසකට හෙට එළඹෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි ගොඩනැගීම සම්බන්ධයෙන් වන තීරණාත්මත තීන්දු රැසකට හෙට (03) රැස්වන පක්ෂ මාධ්‍යම කාරක සභාවේදී එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දරණ, පක්‍ෂයේ පරිණතයන්ට මුල් තැන හිමිවන තාවකාලික නිලධාරී මණ්‌ඩලයක් හරහා එම ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියි.