හික්කඩුවේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට..
හික්කඩුව ප්‍රදේශයේදී අද (22) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ගාල්ල-කොළඹ මාර්ගයේ හික්කඩුව, වෑවල හංදිය අසළදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඇති අතර වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් දෙදෙනා පළාගොස් තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයා රෝහල් ගතකිරීමේදී මිය ගොස් ඇති අතර හික්කඩුව පොලීසිය විසින් මෙම වෙඩිතැබීම පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලබයි.