සත්‍යයේ පුවත් අඩහැරය….

කිසිදු විටෙක රාජ්‍ය බැංකු පුද්ගලීකරණය නොකරන බවට ජනපති දුන් පොරොන්දුවේ විශ්වාසය කඩවුවහොත් දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – ලංකා බැංකු සේවක සංගමය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත්තේ ජාතික සම්පත් විකිණීම බව, පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයෙන් මනාව පිළිබිඹු වන බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටියි. අද (22) කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති කේසර කෝට්ටේගොඩ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් කෝට්ටේගොඩ මහතා පවසා සිටියේ රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීමේ උත්සහය අතීතයේ සිටම ක්‍රියාත්මක වූවක් බවත් රජයට ආදායම් ලබාදෙන රාජ්‍ය බැංකු රජය යටතේම පවත්වාගෙන යාම රජයේ ප්‍රධානතම වගකීමක් වන බවයි.

ලාභ ලබන රාජ්‍ය බැංකු තම ලාභය මහා භාණ්ඩාගාරයට ලබාදීමට කටයුතු කරන අතර රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කළහොත් එසේ භාණ්ඩාගාරයට ලැබෙන මුදල් ප්‍රමාණය නොලැබී යනු ඇති බවත් කේසර කෝට්ටේගොඩ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී. කිසිදු අයුරකින් රාජ්‍ය බැංකු පුද්ගලීකරණය නොකරන බව ජනාධිපතිවරයා විසින් අපවෙත ලබාදෙන ලද පොරොන්දුව සම්බන්ධයෙන් තම සංගමය දැඩි විශ්වාසයකින් පසුවන බවත් යම් අයුරකින් හෝ එම විශ්වාසය පළුදු වුවහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹීමට සිදුවනු ඇති බවත් කෝට්ටේගොඩ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක, ජ්‍යෙෂ්ඨ ලේකම්වරුන් වන චන්න දිසානායක සහ නිමල් ධර්මසේන යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට