සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ල.නි.ප යේ 16 කණ්ඩායම සහ ජා.නි.පෙ නායක විමල් අතර හමුවක්..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) දින ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවත්වා ඇත. මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත,චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, අනුරාධ ජයරත්න, ජෝන් සෙනවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල යන අය සහභාගී වී ඇත. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සදහන් කර ඇත්තේ එළඹෙන 2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධය විපක්ෂය විසින් ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට තමන් සහය ලබාදෙන බවයි.

එම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක විමල් වීරවංශ,ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, අධ්‍යාපන ලේකම් දීපාල් ගුණසේකර, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම්වරු වන නිමල් පියතිස්ස, සමන්සිරි හේරත්, දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර යන පිරිස සහභාගීවී ඇත. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා සදහන් කලේ 2020 ජනාධිපතිවරණයට සහය දැක්වීම සදහා කවුරුන් පැමිණියද එම පිරිස සතුටින් භාරගන්නා බවයි.

7

9

11

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට