සත්‍යයේ පුවත් අඩහැරය….

තැපෑල යලිත් වැඩ අරභයි, විසදුම් නොදුනහොත් යලිත් වර්ජනයකට…

Podu Jana Peramunaපසුගිය දින ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව නවතා දමා අද (27) දින සිට සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. කෙසේවෙතත් මෙම වැඩවර්ජනය තාවකාලිකව නතර කළ ද ආණ්‌ඩුව තැපැල් සේවකයන්ගේ ඉල්ලීම්වලට ලිතව පිළිගත හැකි විසඳුමක්‌ ලබා දුන්නොත් වර්ජනය සම්පූර්ණයෙන්ම නතර කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය. නිසි විසදුමක් ලබා නොදී ආණ්‌ඩුව දිගින් දිගටම කටයුතු කරන්නේ තැපෑල පුද්ගලික අංශයකට විකිණීමට ආණ්‌ඩුව තුළ සැලසුමක්‌ තිබෙන නිසා යෑයිද හෙතෙම අදහස් දක්වයි. දින 16 ක් පුරාවට පැවති මෙම වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 200 කට අධික අලාභයක්‌ සිදුවී ඇති බවත් සාමාන්‍ය ලිපි, ලියාපදිංචි ලිපි සහ ව්‍යාපාරික ලිපි ලක්‌ෂ 7-8 ක්‌ද, දේශීය හා විදේශීය පාර්සල් විශාල ප්‍රමාණයක්‌ද, තැපෑල හරහා ක්‍රියාත්මක වන ගොවි විශ්‍රාම වැටුප් ලබාදීම වැඩිහිටි දීමනාව, වකුගඩු රෝගී දීමනාව, මහජන ආධාර ලබාදීම, රථවාහන දඩ ගෙවීම වැනි මුදල් ගනුදෙනු සියල්ල නැවතී ගිය බව චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට