සත්‍යයේ පුවත් අඩහැරය….

විදුහල්පතිවරයෙකුට අසාධාරණ ස්ථානමාරුවක් ලබාදීම, උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂලට වන්දි ගෙවන්න නියම වෙයි..

Podu Jana Peramunaඅනුරාධපුර නිවත්තක චේතිය මහා විදුහලේ විදුහල්පතිවරයෙකු මාරුකර හැර, එම විදුහල්පතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩවීම නිසා එම විදුහල්පතිවරයාට රුපියල් 250000/- ක වන්දි මුදලක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට නියෝග කර ඇති බව වාර්තා වේ.අනුරාධපුර නිවත්තක චේතිය මහා විදුහලේ පැවති උත්සවය අවස්ථාවක් නිසි ලෙස සංවිදානය කරනොතිබීම නිසා 2016 වසරේදී මෙම විදුහල්පතිවරයාට මාරුවීමක් ලබාදී ඇති අතර අදාළ ස්ථානමාරුව අසාධාරණ බව සදහන් කරමින් පෙත්සම්කාර විදුහල්පතිවරයා ඉදිරිපත් කරන පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (28) මෙම නියෝගය ලබාදෙන ලදී. ඉහත වන්දි මුදලට අමතරව රජය විසින් පෙත්සම්කරුට රුපියල් 50,000 ක වන්දියක් ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී ඇත.

අදාළ නියෝගය අනුව අද සිට ඉදිරි මාස දෙකක කාලය තුළ අදාළ ස්ථාන මාරුව අවලංගු කර විදුහල්පතිවරයා පෙර සේවය කළ ස්ථානයේම සේවයේ පිහිටුවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට