සත්‍යයේ පුවත් අඩහැරය….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් අනුව, රාජ්‍ය අංශය සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර වසාදැමීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව යෙදී සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Podu Jana Peramunaමෙරට ආර්ථිකය මේ වන විට දැඩි කඩාවැටීමකට ලක්ව ඇති අතර මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් 2020 වසර වන විට ආර්ථිකය දැඩි විනාශයකට ලක්වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා සිටියි. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය විසින් අද (28) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තවදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමුකර ආර්ථිකය නිසි මගට ගැනීමට ආණ්ඩුව වහාම කටයුතු කළයුතුව ඇති බවයි.

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහ ලෝක බැංකුවේ උපදෙස් අනුව, රාජ්‍ය අංශය සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර වසාදැමීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව යෙදී සිටින බව මෙන්ම හිතාමතාම මෙරට ආර්ථිකය කඩාවැටීමට ඉඩදී ඇති බවක් පෙනී යන බවද අබේවර්ධන මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියි.

ප්‍රගතිශීලි බලවේගයක් ලෙස ඉදිරි සෑම මැතිවරණයකදීම කටයුතු කරන බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අද (28) පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන බවත් 16 දෙනාගේ කණ්ඩායම, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග පැවති සාකච්ඡාවද ඉතා සාර්ථකව පැවති බවත් සිය අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තවදුරටත් කරුණු සදහන් කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට