සත්‍යයේ පුවත් අඩහැරය….

කෙටි කලකදී දෙවතාවක් මිල ඉහළට යාම හෙලා දකිනවා, ඉන්ධන මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම් සිදුකරන බව පැවසූ ආණ්ඩුව ඉන් බැහැරට ගොස් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම දැඩිව හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇති අතර ඉන්ධන මිල සූත්‍රය කුමක්දැයි ජනතාවට අවබෝධ කරගැනීම සදහා වහාම එම මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද එ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරඇති නිවේදනයක මේ බව සදහන් වන අතර දූෂණය, වංචාව ඉහවහා ගොස් ඇති අවස්ථාවක එම තත්ත්වයන් මැඩලීමට කටයුතු නොකර දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීමේ ක්‍රියාවලියක නිතරව සිටින බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇත. රට පාලනය කිරීම සදහා යැයි පවසමින් මහත් වුවමනාවකින් බලයට පැමි‍ණෙන මැති ඇමතිවරැන් සුර සැප විදිද්දී ඔවුන් බලයට පත්කිරීමට කටයුතු කළ ජනතාව තම ආහාර වේල සපයා ගැනීමට පවා දැඩි සටනක නියැලීමට සිදුව තිබෙන අවස්ථාවක ඉතා කෙටිකාලයක් තුළ දෙවතාවක් ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජයේ කළමනාකරණ හැකියාව මැනවින් ඉස්මතුව පෙනෙන බවද මෙම නිවේදනය මගින් තවදුරටත් අවධාරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට